අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ඊයේ කොළඹ අඟරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාඳිනල් හිමිපාණෝ හමු වූහ.

රටේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී උන් වහන්සේ සමඟ සාකච්ඡා කර තිබේ.
මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, අමාත්‍ය රවී කරුණානායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු එක්ව සිටියහ.