පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊ‍යේ (28) පෙරවරුවේ එක් විය.

කොළඹ අගරදගුරු මැදුරේ සහ බෝම්බ ප‍්‍රහාරයට ලක්වූ කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී පැවැත්වුණු මෙම විශේෂ මෙහෙයේ දී මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජනාධිපතිතුමා විසින් පහන් දල්වනු ලැබීය.