කඩාකප්පල්කාරී පිරිසක් විසින් පසුගිය දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ පහරදීමෙන් විනාශයට පත් දේපළ සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ජනතාව හමුවීමට වැඩබලන ආරක්ෂක අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

 කතානායක කරූ ජයසූරිය මහතා සමඟ මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව  අමාත්‍යවරයා, මීගමුව ප්‍රදේශය වෙත පැමිණ  සිටියේ ය.

එහිදී ප්‍රදේශවාසීන් හමු වූ අමාත්‍යවරයා, සිදු වී ඇති දේපළ හානි නිරීක්ෂණය කළේ ය. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර් යන මහත්වරු ද සහභාගී වූහ. එහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සකච්ඡාවක් ද පැවැත්විණි.

මිනුවන්ොඩ

මිනු 2