යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂ ප්‍රදානයක් වන අතර, එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරෙන පදක්කමකි.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසුව පදක්කම් ප්‍රදානය ආරම්භ කෙරිණි.
ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 65 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්වලින් පිදුම් ලැබූ අතර, එයට යුද හමුදා නිලධාරීහු 40 දෙනෙක්, නාවික හමුදා නිලධාරීහු 12 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීහු 13 දෙනෙක් ඇතුළත් වූහ.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කමෙහි ඇති වටිනාකම සහ එය හිමිකර ගැනීමට ඇති සුදුසුකම් හඳුන්වාදීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාවන් හි සක්‍රීය සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිළධාරීන් තිස් දෙදෙනෙකු ජනාධිපතිතුමාගේ අතින් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ලැබීය.

ප්‍රථමයෙන් යුද හමුදාපති ලූතිතන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මහත්වරුන්ට ගරු ජනාධිපතිතුමාගේ අතින් පදක්කම් ප්‍රදානය කෙරිණිි.

විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රධානයක් වන අතර එය හුදෙක් යුද හමුදාවේ ලූතිතන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිළධාරීන් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිළධාරීන් වෙත පමණක් ප්‍රදානය කරනු ලබන පදක්කමකි.

ගරු ජනාධිපතිතුමාගේ අතින් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ලැබූ නිළධාරීන් පහත පරිදි වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාව – සේවයේ යෙදී සිටින නිළධාරීන්

01.යුද හමුදාපති ලූතිතන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා

  1. මේජර් ජෙනරල් එමි.පී. පීරිස්
  2. මේජර් ජෙනරල් එස්.ඩබිලිවි.එල්. දවුලගල
  3. මේජර් ජෙනරල් එන්.ඒ.ජේ.සී. ඩයස්
  4. මේජර් ජෙනරල් යූ.ඒ.බී. මැදවල
  5. මේජර් ජෙනරල් එච්.සී.පී. ගුණතිලක
  6. මේජර් ජෙනරල් එන්. උඩවත්ත
  7. මේජර් ජෙනරල් එල්.එන්. වික්‍රමසූරිය
  8. මේජර් ජෙනරල් එන්.ජේ. වල්ගම
  9. මේජර් ජෙනරල් ජී.වී.ඩී.යූ.ඒ. පෙරේරා
  10. මේජර් ජෙනරල් කේ.ජේ. අල්විස්
  11. . මේජර්  ජෙනරල් කේ.ඒ.ඩී.ඒ. කරුණාසේකර
  12. මේජර් ජෙනරල් එම්.ඒ.එම්. ඩයස්

විශ්‍රාමික නිලධාරීන්

       1.ජෙනරල් ආර්.එම්.ඩි. රත්නායක

  1. මේජර් ජෙනරල් ඊ.පී. ද ඉසෙඩ් අබේසේකර
  2. මේජර්  ජෙනරල් එස්.ඒ.පී.පී. සමරසිංහ
  3. මේජර් ජෙනරල් එල්.බී.ආර්. මාර්ක්
  4. මේජර් ජෙනරල් ජේ.සී. රඹුක්පොත
  5. මේජර් ර් ජෙනරල් වී.යූ.බී.නානායක්කාර

මියගිය නිළධාර

1.මේජර් ජෙනරල් කේ.ජේ. විජේතිලක

ශ්‍රී ලංකා නාවික හමුදාව

සේවයේ යෙදී සිටින නිළධාරීන්

01.නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න

02.වෛද්‍ය රියර් අද්මිරාල් එල්. ඒකනායක

03.රියර් අද්මිරාල් (සී) ඩබ්ලිව්.එස්. ජයසිංහ

04.රියර් අද්මිරාල් (නිනාඋ) කේ.ජේ.සී.එස්. ප්‍රනාන්දු

විශ්‍රාමික නිලධාරීන්

01.රියර් අද්මිරාල් ඩී.එස්. උඩවත්ත

02.රියර් අද්මිරාල් ඒ.ආර්. අමරසිංහ

03.රියර් අද්මිරාල් කේ.ආර්. සේනාධීර

04.රියර් අද්මිරාල් පී.ඒ.ඩී.ආර්. පෙරේරා

05.රියර් අද්මිරාල් එස්. දිසානායක

06.රියර් අද්මිරාල් එල්.ඩී.කේ.ටී. සේනාරත්න

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

01.ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල

විශාමික නිලධාරී

01.එයාර් වයිස් මාර්ෂල් පී.ඩී.ජේ. කුමාරසිරි


පදක්කම් ප්‍රදානයෙන් අනතුරුව පදක්කම්ලාභීන් සමඟ ජනාධිපතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.