අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමඟ පසුගියදා (24) සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී වර්තමාන ආරක්‍ෂක තත්වය පිළිබඳවත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන පරීක්‍ෂණයන්හි ප්‍රගතිය පිළිබඳවත් කරුණු ගෙනහැර දක්වන ලදී. මෙම සිද්ධිය මුවාවෙන් ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් දැරූ අයට දැඩි ලෙස නීති ක්‍රියාත්මක කරන බව ද ආරක්‍ෂක අංශ මෙහිදී අවධාරණය කළහ.

එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී ඇති බව සහ උපරිම ආරක්‍ෂක විධිවිධාන ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අග්‍රමාත්‍ය වික්‍රමසිංහ මහතා, ඒ පසුබිම මත ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.