නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජයා ලෙස පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනැමීය.

ඒ වෙනුවෙන් වූ සුබ පැතුම් පොතෙහි වික්‍රමසිංහ මහතා පෙරේදා (30) සන්ධ්‍යාවේ සිය සුභාශිංසන සටහන් තබන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියමා මහතා ද එක් විය.