අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාසලාභීන් පස් දෙනෙකු වෙත නිවාස හිමිකම් පිරිනැමීම ඊයේ (2) යාපනය නැදුම්කුලම් ගම්මානයේ දී සිදු කෙරිණි.

 

මේ අවස්ථාවට අමාත්‍යවරුන්වන දොස්තර රාජිත සේනාරත්න, මංගල සමරවීර, දයාගමගේ,යන මහත්වරු ද රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා,ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ ය.