නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.


සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා ජනාධිපතිතුමා බැහැ දුටු අතර සාම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.