පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරලීම සඳහාත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහාත් ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සහාය පළ වේ.


ඔස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති පීටර් ඩට්න් (Hon. Peter Dutton) මහතා පෙරේදා (04) දින අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරිණි.
මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැළැක්වීම සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැනිණි. වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමීය.
ශ්‍රි ලංකා අගමැතිවරයාට ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන මෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් කළ ආරාධනය ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. එම අවස්ථාවට ශ්‍රි ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි (H.E David Holly), මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඔස්ට්‍රේලියානු රජයේ තානාපති බ්රොයිස් හචසන් (Mr. Bryce Hutchesson), සෛවරී දේශසීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්රෙයග් ෆුරිනි (Major General Craig Furini) සහ අගමැති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.