ශ්‍රී ලංකා සංචාරයේ නියුතු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

දේවස්ථානයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමි විසින් පිලිගත්තේය. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය  නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.

දෙරට අතර අතීතයේ පටන් පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර  සහයෝගිතාවය සෑම ක්ෂේත්‍රයකින්ම ඉහළ නංවා ගැනීමට එතුමාගේ මෙම සංචාරය බොහෝ සෙයින් ඉවහල් වනු  ඇත.

kochchikade1

ROH 2145