ආරක්ෂක හේතුන් මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටුව නැවතත් මහජනතාවට විවෘත කර ඇත.

සීමා සහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගමේ සභාපති දම්මික රණතුංග මහතා මේ බව සඳහන් කළ අතර ඊයේ(10) දහවල් 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ දොරටු විවෘත කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට එක් මගියෙකු සමඟ තවත් දෙදෙනෙකුට පමණක් ඇතුල් වීමේ දොරටුවෙන් ගුවන්තොටුපලේ අභ්‍යන්තරයට ඇතුළු විය හැකි බව තවදුරටත් සදහන් වෙයි .