ජූනි මස 16 ඉරු දින පොසොන් පෝය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.


මෙවර පොසොන් තේමා පාඨය ලෙස ''සබ්බේ තසන්ථි දන්ඩස්ස'' යන තේමාව යොදා ගෙන ඇති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
පොසොන් සතියට සමගාමීව ලබන 13වනදා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සර්ව රාත්‍රික පිරිත් පිංකම් සංවිධානය කර තිබේ. එම කාර්යයන් සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රතිපාදන මේ වන විටත් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
එමෙන්ම ලබන 12 වනදා සිට 18 වනදා දක්වා රජයේ සියලුම ආයතනවල හා ගොඩනැගිලි වල බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙසත්, එම ආයතන සහ ගොඩනැගිලි පොසොන් සැරසිලි වලින් අලංකාරවත් කරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.