අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරුන්ගේ හමුවක් ඊයේ (12) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.



ශ්‍රී ලංකාව හමුවේ ඇති ත්‍රස්ත තර්ජනය සහ ම්ලේච්ඡ අන්තවාදය මැඩපැවැත්වීම වෙනුවෙන් සිය සහාය පළකළ එම තානාපතිවරු ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ඒ සඳහා අරමුදල් ලබාදීමට කටයුතු කරන බව පැවසූහ.

මේ අතර නොබෝදා මාධ්‍යවල පළවූ වෛරී ප්‍රකාශයන් පිළිබඳව සඳහන් කළ ඔවුහු එවන් මාධ්‍ය වාර්තා මගින් තත්ත්වය තවත් උග්‍ර අතට පත්වන බව ප්‍රකාශ කර සිටියහ.