ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින්, මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව ක‍්‍රියාවට නංවනු ලබන ‘මාධ්‍ය අරුණ‘ විශේෂ ණය යෝජනා ක‍්‍රමයේ 2019

වසර සඳහා වන සම්මුඛ පරීක්ෂණ 2019 ජූනි මස 25, 26, 28 සහ 29 යන දිනවලදී කොළඹ 05, පොල්හේන්ගොඩ, කිරුළපන මාවත, අංක 163, ‘‘ඇසිදිසි මැඳුර’’ දරන ලිපිනයේ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට මේ වනවිටත් සම්මුඛ පරීක්ෂණ සඳහා ලිපි මගින් දන්වා යවා ඇත.

එම ලිපිවල සඳහන් පරිදි සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන අයදුම්කරුවන් නියමිත දිනයේ අදාළ වේලාවට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණෙන ලෙස මෙයින් දැනුම්දෙනු ලැබේ.

මෙම ණය යෝජනා ක‍්‍රමය මගින් 2017 වසරේදී ජනමාධ්‍යවේදීන් 823 දෙනෙක් සහ 2018 වසරේදී ජනමාධ්‍යවේදීන් 554 දෙනෙක් තෝරාගෙන අදාළ නාමලේඛනය බැංකු වෙත යොමුකර ණය පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.