ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ජූනි 30 වැනි දිනට යෙදෙන ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා පවසයි.


ජුනි 30 වැනි දිනට යෙදෙන ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් වෙබ් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍යවල කටයුතු කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩමුළුවක් ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සංවිධානය කර තිබුණු අතර ඊට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.
අද සමාජ මාධ්‍ය ෆේස් බුක් හා අනෙකුත් සමාජ මාධ්‍ය ජනප්‍රියවී තිබෙනවා.විශේෂයෙන් ම ජනමාධ්‍යවේදීන්ට තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟාගැනීමට සමාජ මාධ්‍ය මඟින් වරප්‍රසාදයක් ලබාදෙනවා.සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති නිසා රූපවාහිනි හා පුවත්පත් වල පුවත් බොහෝ පරණ ඒවා වෙනවා.සමාජ මාධ්‍ය සමාජය තුළ විසිරී පවතිනවා,, ජංගම දුරකතනය හරහා.මුද්‍රිත මාධ්‍යයේ පැවැත්මට අනාගතයේ දී යම් තර්ජනයකට ලක් වෙනවා සමජ මාධ්‍ය නිසා. අනාගතයේ දී ජනතාවට සේවය කරන තොරතුරු පද්ධතිවලට එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා කරගැනීමට සයිබර් ආරක්ෂණ නීතිය හදුන්වදීමට බලපොරොත්තු වෙනවා යැයි ද ලේකම්වරයා පැවසීය.