16 වන ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රීඩා උලෙළ ජූලි 07-13 දක්වා ඔස්ට්‍රියාවේ Dornbirn නගරයේ දී පැවැත්වෙන අතර ඊට සහභාගීවන කාන්තා සහ පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

වසර 04කට වරක් පැවැත්වෙන මම ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාව විසින් නියෝජනය කරනු ලබන්නේ පළමු අවස්ථාවට වන අතර ඊට එක්වන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත ජනාධිපතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.