රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ අද(1) සිට ඇරඹේ.

 

මෙය මෙම වැඩසටහන් මාලාවේ පස්වැනි වැඩසටහනයි. මෙම වැඩසටහන ලබන 06 දින දක්වා ක්‍රියාත්මක කෙරේ. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 6ක් ඉල්ලක්ක කරගමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
මෙම සංවර්ධන කටයුතුවල සියලු මාධ්‍ය සම්බන්ධීකරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යලය තුළ මෙම දිනවල විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් ද ක්‍රියාත්මක වෙයි.