රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සමගාමිව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන තොරතුරු දැනගැනිමේ අයිතිය පිළිබඳව පුරවැසියන් දැනුම්වත් කිරිමේ වැඩටහන් මාලාවේ දෙවැනි දිනය අදත් (02) ක්‍රියාත්මකයි.


ඒ අනුව අද දින මෙම වැඩසටහන්
1. මොනරාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පෙ.ව 1.00 සිට ප.ව 3.00 දක්වාත්,
2. සියඔලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පෙ.ව 9.00 සිට පෙ.ව 11.00 සිට දක්වාත්,
3. කතරගම ප්‍රාදේශීය කාර්යාලයේ ප.ව 1.00 සිට ප.ව 3.00 යන ස්ථානයන් හි දි පැවැත් වේ.
මිට අමතරව හෙට (03) දින ක්‍රියාත්මක වැඩසටහන් මෙසේ ය.
1. වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පෙ.ව 9.00 සිට ප.ව 11.00 දක්වා
2. තණමල්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පෙ.ව 9.00 සිට 11.00 දක්වා
3. සෙවණගල ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පෙ.ව 1.00 සිට ප.ව 3.00 දක්වා
ඊයේ දිනයේ (01)දැනුම්වත් කිරිමේ වැඩටහන් මාලාව ආරම්භ වු අතර එය මඩුගල්ල,බිබිල,මැදගම යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පැවැත්විණි.