පාර්ලමේන්තුවේ ගිණුම් කාරක සභාව විසින් පරිගණක කළමණාකරණ පද්ධතිය මඟින් ඇගයීම ලක් කළ රාජ්‍ය ආයතන,පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මුල්‍ය පාලන සහ කාර්යසාධනය ඇගයීමට ලක් කෙරෙන සම්මාන උළෙල 2019 ජුලි 05 දා පැවැත්වීමට නියමිතය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසුරිය මහතා,විපක්ෂ නායක මහින්ද රජාපක්ෂ මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි මෙම සම්මාන උළෙල පැවැත්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න මහතා ඊයේ (02) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.
2019 ජුනි මස 21 දින රාජ්‍ය ආයතන 837ක ගිණුම් කාරක වාර්තාවක් ලෙසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර 2015 වර්ෂයේ සිට රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රැස් කරනු ලැබු තොරතුරු අනුව ඒ ඒ ආයතන පිළිබඳව තත්ත්වයන් අනුව ආයතන 109ක් ඇගයිමට ලක් කර ඇත.
විශේෂයෙන්, 2017 වර්ෂය තුළ විමර්ශනයට ලක් කරනු ලැබු රාජ්‍ය විශේෂ වැය කිරිමේ ඒකක 22ක්, රාජ්‍ය අමාත්‍යාංශ 48ක්, රාජ්‍ය දෙපාර්තමේන්තු 93 ක්,දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්, පළාත් සභා අරමුදල් 09ක්, විශේෂ වැය කිරිමේ ඒකක, පළාත් සභාවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු 262,පළාත් සභා ප්‍රඥප්ති යටතේ පිහිටු වන ලද ආයතන 44ක්, මහනගර සභා 23ක්,නගර සභා 41ක්,ප්‍රාදේශී 271 ක් ඇතුළු ආයතන 838 ක් මෙහි විමර්ශනයට ලක් විය.