මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළවල දී විශේෂ සම්මානයට පාත‍්‍ර වූ සිනමාවේදින් සහ නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප‍්‍රදානයන් සිදු කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (02) ජනධිපති කාර්යාලයේ දී සිදු විය.


ප‍්‍රංශයේ නීස් සම්මාන උලෙළ, ජපානයේ ඔසාකා ආසියානු සිනමා උලෙළ සහ මොස්කව් නුවර පැවති අන්තර්ජාතික සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළේ දී සම්මාන හිමිකරගත් ශ‍්‍රී ලාංකික සිනමා සහ රූපවාහිනි නිර්මාණවේදින් මෙහි දී ඇගැයීමට ලක් කෙරුණු අතර ඒ අනුව නීටා ප‍්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙණිය, ශිරාන් රත්නායක, රංග බණ්ඩාරනායක, අතුල පීරිස්, නිශාදි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ජනාධිපතිතුමා අතින් ඇගැයීමට පාත‍්‍ර විණි.
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 1965 විද්‍යාර්ථින්ගේ 50 වන සංවත්සරය හා එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ප‍්‍රතිමාව නිරාවරණය කිරීම සඳහා මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨ විද්‍යාර්ථයින්ගේ එකමුතුවේ ඞී.එස්. එදිරිසිංහ, ආර්.එම්. කරුණාරත්න, ශාන්ති වර්ණසූරිය, ශාන්ත කැකුලාවල, ජිනිත් ද සිල්වා යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට එක්ව සිටියහ.
ජාත්‍යන්තර ජිමිනාස්ටික් සංගමය මගින් පවත්වනු ලබන ලෝක ජිම්නාස්ටික් ක‍්‍රීඩා උලෙළට සහභාගීවීම සඳහා පිටත්ව යන පි‍්‍රයන්ති සමරවීර, මිල්රෝයි ජයමාන්න සහ බස්නායක යන කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙත ද ජනාධිපතිතුමා අතින් මුදල් පරිත්‍යාග පිළිගැන්විණි.
2019 අගෝස්තු මාසයේ දී එංගලන්තයේ වෝස්ටර්හි දී පැවැත්වෙන 06 වන ජාත්‍යන්තර පොලිස් කි‍්‍රකට් සැණකෙළියට සහභාගී වන ශ‍්‍රී ලංකා පොලිස් කි‍්‍රකට් කණ්ඩායම වෙනුවෙන් ද ජනාධිපතිතුමා අතින් මුදල් ප‍්‍රදානයක් සිදු විය.