රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (06) පෙරවරුවේ බිබිල මහජන ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

වකුගඩු රෝගි අඩු අදායම්ලාභී පවුල් 1600කට පමණ වස විසෙන් තොර දේශීය සහල් සලාක බෙදාදීම, වකුගඩු රෝගයෙන් පීඩාවිදින පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ ප්‍රදානය, අවදානම් කලාපයන්හි අඩු ආදායම්ලාභී පුද්ගලයන් 2250කට පමණ නව ජල සම්බන්ධතා ලබාදීම ඇතුළු ප්‍රතිලාභ රැසක් බෙදාදීම සංකේතවත් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

පරිසරය පිළිබඳ වගකීම් සහිත ලියවිල්ල මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ යන මහත්වරුන් ද ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, රවින්ද්‍ර සමරසිංහ, මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම්, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ වැඩබලන පොලිස්පති, ත්‍රිවිධ හමුදා ප්‍රධානින් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ප්‍රදේශවාසි ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

mn1mn2 

mn3

mn5

 

 

mn6

mn7

mn8

mn9

mn10

 

mn11

mn12