ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 30 වැනි සමරුවට සමගාමීව මාතලේ පුරවරයේ පසුගියදා පැවැත්වූ මධ්‍යාභිමානී සම්මාන උළෙළ සදහා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගී විය.

මෙහිදි මාතලේ පුරවරය සමාජ, සංස්කෘතික සහ ආර්ථික අංශයන්හි සංවර්ධනයට දායක වු මාධ්‍යවේදීන් ඇගයීම සිදු විය.
කවුරුන් කුමන විවේචන කළද රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙහිදී පැවසීය.
මාතලේ පත්‍ර කලා සංගමයේ 30 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2019 මාධ්‍යාභිමානි සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා මාධ්‍යවේදීන් විසින් කරනු ලබන මෙහෙවර සහ නිර්මාණශීලීත්වය ඇගයීම සමස්ත සමාජයේම යුතුකමක් බවත් මෙහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද ඇගයිය යුතු බවත් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීමේ පනත හරහා ජනතාවට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාගැනීමේ හැකියාව මේ වන විට ක්‍රියාත්මක බවත් පසුගිය පාලන කාලයට වඩා වත්මන් රජය විසින් මාධ්‍ය නිදහස වඩාත් හොඳින් තහවුරු කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

m1

m2

m3

m4m5

m6

m7

m8

m9