ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ සන්නිවේදන අධ්‍යයනය පාරිභාෂික ශබ්දමාලාව ග්‍රන්ථය එළිදැක්ව්මේ උත්සවය ඊයේ (10) පැවැත්විණි.


මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය අභියෝගයට ලක් වී ඇති යුගයක වුවද නිවැරදි තොරතුරු ලබා ගැනිමේ සඳහා ජනතා අපේක්ෂාවන් වර්ධනය වී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවිර මහතා මෙම උත්සවයට එක්වෙමින් සඳහන් කළේ ය

වැඩිදුරටත් අදහස් දැක් වු ලේකම්වරයා පැවසුවේ; අද වනවිට පුවත්පත් ආයතන විශාල අභියෝගයකට ලක් වි ඇති වෙලා තියෙනවා.පුවත්පත් අලෙවිය අඩුවෙලා තියෙනවා.එහෙත් ජනතාවට තොතුරු ලබා ගැනිමේ උන්නදුව නම් අඩුවෙලා නැ.ඒ නිසා තමයි වර්තමාන රජය තොරතුරු දැනගැනිමේ පනත හඳුන්වා දී තිබෙන්නේ.රජය මා‍ධ‍්‍ය නිදහස සීමා කරලා නෑ.
පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කරන්න පුලුවන්. පුවත්පත් මණ්ඩලය එවැනි නෛතික දේවලට හැර මෙවැනි දේවල් සිදු කිරිම ද අගය කොට සලකනවා. එමෙන් ම සිංහල භාෂාවට මෙවැනි ග්‍රන්ථයක් එක්කාසු විම භාෂාවේ සංවර්ධනයට මහත් රුකුලක් වෙනවා. ලෝකයේ වැඩිම නොබෙල් ත්‍යාග හිමි ඇත්තේ ඊශ්‍රායලයටයි ඒ හැම විද්වතෙක් ම ඔවුන්ගේ පර්යේෂ‍ණ සිදු කර ඇත්තේ තම මව් භාෂාවෙනි.තම මව්බස ශක්තිමත් වු විට එය දැනුම මට්ටම ඉහළට ගෙන ඒමට ඉවහල් වෙනවා

මෙම ග්‍රන්ථයේ සංස්කාරක මණ්ඩලය ලෙසින් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා,සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා, මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා හා ආචාර්ය අසන්තා.යු.අත්තනායක මහත්මිය දායකත්වය සපයා ඇත.
මේ වන විට ජාතිවාදය හා ආගම්වාදි ගැටුම්වල ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.ජනතාව උසිගන්වන රූපවාහිනී වත් රේඩියෝවත් අවශ්‍ය නැ. ජනතාවට නිදහසේ ජිවත් විය හැකි මාධ්‍ය කලාවක් අවශ්‍යයයි.
මේ අවස්ථාවේ දි සන්නිවේදන අධ්‍යයනය පාරිභාෂික ශබ්ද මාලාවේ ඇති වැදගත්කම යන මැයෙන් කලා කිර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා දේශනයක් සිදු කළ අතර මිට අමතරව කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර යන මැයෙන් කොළඔ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනය අංශයේ අංශාධිපති මහාචාර්ය සඳගෝමි කොපරහේවා මහතා ද දේශනයක් පැවැත් වීය.
පාරිභාෂික ශබ්දමාලාව ග්‍රන්ථය පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාලගේ බන්දුල මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවිර මහතා වෙත පිරිනැමීය.
මීට අමතරව කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලාව හා මෙහෙවර මැයෙන් පැවැත් වු රචනා තරඟයේ සහතික පත් ප්‍රදානොත්සවයක් ද පැවැත් විය.මේ අවස්ථාවට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.