නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මේ මස 24 සිට 27 දක්වා පුරා දින හතරක් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් මෙහෙයවන නව ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙළට සහ වසර 2025දී පොහොසත් රටක් බිහි කිරීමේ දැක්මට උතුරුමැද පළාතේ පිරිස් වැඩි වැඩියෙන් එක්කර ගැනීමට මෙවර ප්‍රදර්ශනය තුළින් රජය බලාපො‍‍රොත්තු වේ.
නව ව්‍යවසායකයෙකුට ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය මූලික කරුණු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම පිළිබද දැනුම්වත් කිරීම සහ එම ණය ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමේ ජංගම සේවාවක්ද මේ දින හතර පුරාම පැවැත්වේ.
මේ සඳහා රජය සහ පෞද්ගලික දෙඅංශයේ සෑම බැංකුවකම ප්‍රධානීහු හා බලයලත් නියෝජිතයෝ එක්ව ජනතාවට මෙහිදී සේවා සපයනු ලැබේ.