97 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින මාතර, සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

97 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත නවීකරණය කරන ලද මාතර පේෂකාර්මිකයින්ගේ සමූපකාර සමිතියේ “මාතොට සළු” කොටුවේගොඩ ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ද මෙදින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ, එම අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අසෝක යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.