එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට එහි සභාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් නීතිඥ එරංග වැලිඅංගේ, ජාතික යෞවන තිළිණ අධිකාරියේ ජාතික අධ්‍යක්‍ෂක තිස්ස සමරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ ජාතික තරුණ සේවා සභාවේ සහ ජාතික යෞවන තිළිණ අධිකාරියේ නිලධාරී මහත්ම මහත්මීන්ද , තිළිණලාභින් රැසක් ද සහභාගි වී සිටියහ.