අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය ගල්ගොඩගම සෝභිත නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ බණ්ඩාරවෙල නගරශාලා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අභිනව නායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

සමස්තලංකා අමරපුර මහා සංඝ සභාවේ මහ ලේඛකාධිකාරී පණ්ඩිත ආචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනායක ස්වාමින් වහන්සේ, ඌව මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහත්තේවෙල සිරි නිවාසාභිධාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් රැසක් සහ සැදැහැවතුන් මෙම උත්සවයට එක්ව සිටියහ.