පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් මිලියන 14ක් වැය කරමින් ඉදිකළ මින්නේරිය හෙල බොජුන්හල සහ හරිත ප්‍රජා අලෙවි සංකිර්ණය ජනතා අයිතියට පවරා දීම ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (03) පෙරවරුවේ සිදු කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර හෙළ බොජුන් හළ විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.