“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන් මාලාවේ සත්වැනි වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (23) ආරම්භ කෙරේ.

ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය මගින් මහජන සුබසාධනය සදහා ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති සහ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ කාර්යක්ෂම සහ ඵලදායී අන්දමින් ජනතාවට ලබාදීමත්, මෙතෙක් විසඳුම් ලැබූ නොමැති ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති කාර්යාලය, සියලුම අමාත්‍යාංශ, පළාත් සභා මෙන්ම පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන හෙට සිට ලබන 29 වනදා දක්වා යාපනය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

එහි ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති අවස්ථාව අගෝස්තු 30 වනදා පැවැත්වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.