"ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පැවරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දින කහතුඩුව, වෙනිවැල්කොළ "ශිෂ්‍යෝදා" විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබඳ ජාතික ආයතනයේ දී පැවැත්විණි.


මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක එරංග වැලිඅංගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ යන මහත්වරු ඇතුළු දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.