යාපනය කේන්ද්‍රකර ඈත අතීතයේ පැවති වෙළඳ ආර්ථිකය යුද්ධය නිසා විනාශ වූ බවත් යාපනය දිස්ත්‍රික්කය යළි නඟා සිටුවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


රජය ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙළ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු නොයෙක් රැකියා අවස්ථා ඇති වී යාපනය ජනතාවට මුදල් උපයාගෙන සුව පහසු දිවියක් ගත කිරීමට අවස්ථාව ලැබුණු බව සඳහන් කළ අගමැතිවරයා, අද වන විට තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා වැඩි වී ඇති බවත් පලාලි ගුවන් තොටුපළ විවෘත කර නව ගුවන් ගමන් ආරම්භ කරමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යාපනය නගර සභා ක්‍රීඩාංගණෙය් ඊයේ (07) ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ තුන්වන ප්‍රදර්ශනය විවෘත කිරීෙම් උත්සවයට ඒක්වෙමිණි. යාපනය බස් නැවතුම් පළ සහ මුන්නේෂ්වරන් මාර්ගය විවෘත කිරීම සහ යාපනය නගර සභා ශාලාවට මුල් ගල තැබීම ආදී සංවර්ධන වැඩසටහන් රැසකට ඊයේ අග්‍රාමාත්‍යවරයා එක් විය.
ඒන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 90,000ක පමණ ණය මුදලක් පුද්ගලයන් 53,000කට පමණ ලබා දී අවසන් වන අතර මෙම වැඩසටහන නිසා ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිියට පැමිණ ඇති බවද අගමැතිවරයා පැවසීය.
අද වන විට සියළු දෙනාට කිසිදු භිය සැකයකින් තොරව ගමන් කළ හැකි නිදහස් රටක් ඇති බවත් සියළුදෙනාට ම එක හා සමානව ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බවත් සංහිඳියාව ශක්තිමත් කරමින් ඉදිරියට යන ගමෙන්දි පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වැනි සිදු වීම් නැවත ඇති නොවීමට කටයුතු කළ යුතු යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු යාපනය දිස්ත්‍රික්කයේ දේශපාඥයින් රැසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.