ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණයක් වන “Walking charger”, නව නිපැයුම සිදු කළ චතුර මධුමාල් සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 05ක මුදල් පරිත්‍යාගයක්

සිදු කිරිම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
නව නිපැයුම් මඟින් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙන චතුර මධුමාල් සිසුවා ත්‍රිකුණාමලය දන්තලාව මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකි.