නායයැම් පුර්ව අනතුරු ලක්ෂණ පිළිබඳව සැළකිලිමත් වන්න -ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි


පවතින වැසි සහිත කාලගුණ තත්තවය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත සහ ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ ස්වයංක්‍රීය වර්ෂාමාන දත්ත පදනම් කර කළුතර,කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කරන ලද අතර දැනට වර්ෂාවේ ඇති වැඩිවීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය,නියාගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා නායයාම් අවධානම් නිවේදන නිකුත් කර ඇත. එසේම කණ්ඩි කඩා වැටීම් ගැන සැලකිලිමත් වන ලෙස පැවති මාධ්‍ය හමුවේ දන්වා සිටින ලදී. දිය උල්පත් මතුවීම, පවතින දියපාරවල් ක්ෂණිකව සිදී යාම, ගස් විදුලි කණු වැනි සිරස් ව විහිදී ඇති දෑ ඇලවී ඇතිනම්, නිවාස සිරස් ආකාරයට පුපුරා ඇතිනම් එවැනි නායයාම් පුර්ව අනතරු ලක්ෂණ පිළිබදව සැළකිලි මත් වන ලෙසත් එවැනි ලක්ෂණ හදුනාගත හැකි නම් සුරක්ෂිත ස්ථාන කරා යෑමට කටයුතු කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය පද්මකුමාර ජයසිංහ මහතා පවසයි.