2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද විමසීම ඔක්තෝබර් 30 සහ 31 යන දින වල පැවැත්වේ.

පොලිස් හා මැතිවරණ දෙපාර්තමේන්තු සේවකයින්ගේ තැපැල් ඡන්දය නොවැම්බර් මස පළමුවැනි දා පැවැත්වෙන බව කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට කටයුතු කරමින් සිටින අතර එය සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතය.

එබැවින් සුදුසුකම් ලත් තැපැල් ඡන්ද දායකයින්ගෙන් අයැදුම්පත් නියමිත දිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියි.