තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධව අමාත්‍යංශවල ලේකම්වරුන්ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019/8/27 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණ. වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ (UNDP) අනුග්‍රහය ඇතිව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැන ගැනීමේ ඒකකය මගින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන සඳහා අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් 40 ක් සහභාගි වූ අතර සම්පත් දායක ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ පියතිස්ස රණසිංහ යන මහතා සහභාගී වන ලදි.
මෙම වැඩමුළුව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යූ.පී.එල්.ඩී. පතිරණ මහත්මිය, අධ්‍යක්ෂක ජේ.ඩබ්.ඒස්.කිත්සිරි මහතා සහ සහකාර ලේකම් එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික උපදේශක චමින්ද්‍රි සපරමාදු මහත්මිය හා සම්බන්ධීකාරක ලෙස කළමනාකරණ හා සම්බන්ධීකරණ උපදේශිකා නෞලි විමලරත්න මහත්මිය සහභාගී වන ලදි .