බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩ සටහනේ ඊයේ (සැප්. 25) තුන්වන දිනයයි.

අද දිනය තුළ වැඩ සටහන් 418ක් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 තුළ ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පමණක් ග්‍රාම ශක්ති, වකුගඩු රෝග නිවාරණ, පෝෂණීය අහාර, මත්ද්‍රව්‍ය නිවාරණ හා දරුවන් සුරකිමු යන ක්ෂේත්‍ර යටතේ වැඩ සටහන් 163ක් ක්‍රියාත්මක වේ.
‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩ සටහන මඟින් සැප්. 23 – 24 යන දෙදින තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන් තුළින් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 55000 ඉක්මවයි.
ඌව පළාත් සභාව, විවිධ රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන යටතේ සමාජ සංවර්ධන, ප්‍රජා සංවර්ධන, අධ්‍යාපන සංවර්ධන, යටිතල පහසුකම් සංවර්ධන යන ක්ෂේත්‍ර යටතේ තවත් වැඩ සටහන් 255ක් ක්‍රියාත්මක කරනු ලබයි.
රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහනේ දෙවන වූ සැප්. 24 දිනය නිමාවන විට සියලුම රාජ්‍ය ආයතන එක්ව විවිධ ක්ෂේත්‍ර යටතේ තවත් වැඩ සටහන් රැසක් දියත් කෙරුණු අතර මෙයින් වැඩ සටහන් 419ක් ඉහළ සාර්ථකත්වයක් පැවතුණි.
පසුගිය දෙදින තුළ ක්‍රියාත්මක කල වැඩසටහන්වල ඉහළ ජන සහභාගිත්වයක් පැවතීම විශේෂත්වයක් ලෙස දැකිය හැකියි.