ජනාධිපතිවරණයේ දි අපක්ෂපාති ලෙසින් මාධ්‍ය ක්‍රියා නොකරන්නේ නම් ඒ සඳහා දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (16) මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවසිය.


මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය
වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා ප්‍රකාශ කළේ,මාධ්‍ය උපමාන අනුගමනය කිරිම රාජ්‍ය මාධ්‍ය ආයතන බැඳි ඇති බවත්,එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව දඬුවම් ලබා දීමට හැකි බවයි.
එමෙන්ම විවිධ මාධ්‍ය ආයතන ජනාධිපතිවරණයේ දි ජනාධිපති අපෙක්ෂකයින් වෙනුවෙන් වෙන් කළ ගුවන් කාලය සම්බන්ධයෙන් අදහස් දැක් වු සභාපතිවරයා ප්‍රකාශ කළේ,ඉදිරියේ දී මාධ්‍ය ආයතන විසින් සිය ප්‍රවෘත්ති විකාශ කාලයන් සම්බන්ධයෙන් වෙන් කරනු ලබන ගුවන් කාලය පිළිබඳව සතිපතා වාර්තාවක් මාධ්‍යට නිකුත් කරන බවයි.