විවිධ අභියෝග මධ්‍යයේ වුවද නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි මැතිවරණ ක‍්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව සමත්වීම ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල දැඩි පැසසුමට ලක්ව තිබෙන බව නෙදර්ලන්ත විදේශ අමාත්‍ය Stef Blok මහතා පවසයි.


ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍යවරයා අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.
ශ‍්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික හා කලාපීය කටයුතු පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
නෙදර්ලන්ත විදේශ අමාත්‍යාංශයේ අසියාව පිළිබඳ ප‍්‍රධාන නිලධාරි, ශ‍්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ඇතුළු නියෝජිත පිරිසක් ද ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.