තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(21) ජපානය බලා පිටත්ව ගියේය.



අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජනාධිපතිතුමා පිටත්ව ගොස් ඇත. හෙට පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව, සදහන් වේ.

ජනාධිපතිවරයා සමඟ 21 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් මෙම ජපාන සංචාරය සඳහා එක්ව තිබේ.