ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය (Chartered Institute of Media Professionals of Sri Lanka) පිහිටුවීම සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව විසින් සකස් කරන ලද එම කමිටුවේ වාර්තාව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාට බාරදීම පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංයේදී සිදු විය.


ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය භාවය ඉහළ නැංවීම සහ ඒ සම්බන්ධයෙන් වන ආයතනයක් පිහිටුවීම සදහා නිර්දේශ ලබා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා විසින් 2019 අගෝස්තු මාසයේදී කමිටුවක් පත් කරනු ලැබීය.
මෙම අවස්තාවට එම කමිටුවේ සාමාජිකයින් වන කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, කොළඹ විශ්වවිද්‍යාලීය ශ්‍රීපාලි මණ්ඩපයේ බාහිර කතිකාචාර්ය සුරංග සේනාරත්න සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නරේන්ද්‍ර රාජපක්ෂ ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහීරත්න යන මහත්වරු එක්ව සිටියහ.

 ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය භාවය ඉහළ නැංවීම සහ ඒ සම්බන්ධයෙන් වන ආයතනයක් පිහිටුවීම