ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.


ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව එහිදී පිළිගත් අතර ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු එරට තානාපති කාර්යාලයේ නිලධාරිහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ජපාන රජයේ විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපතිතුමා මෙම සංචාරයට එක්ව සිටින අතර ලෝක නායකයන් රැසක් සහභාගීවන ජපාන අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය අද දහවල් ටෝකියෝහි දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.
මෙම සංචාරය අතරතුර දී ජනාධිපතිතුමා ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මුණ ගැසීමට ද නියමිතය.