වතු රෝහල් ඇතුලු වතුකරයේ පිහිටි සෞඛ්‍ය ආයතන 450 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා වන අනු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය සහ මානව සුභසාධනය , සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත භාරදීම ( 23 ) දින සිදු විය.


මේ අනුව මෙම වාර්තාව කඩිනම්න් පාර්ලිමේන්තුවටත් විශය බාර අමාත්‍යවරයාටත් ඉදිරිපත් කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කළ අතර පසුව අදියර කිහිපයක් යටතේ මෙම වතු රෝහල් සහ සෞඛ්‍ය ආයතන 450 රජයට පවරා ගැනීමට කටයුතු කෙරෙනු ඇතැයි සඳහන් කෙරුණි.