දෝහා කටාර් හි පිහිටි ගැටුම් නිරාකරණය හා මානව අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන සිසුන් කණ්ඩායමක් (24) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සංචාරයක නියැලුනහ.


එම සංචාරය අතරතුරේදී ඔවුන්, කථානායක කරු ජයසූරිය මහතා සමග ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවක නිරත වූහ. එම කණ්ඩායමට සිරියාව, ඇෆ්ගනිස්ථානය, පලස්තීනය, ජෝර්දානය, ටියුනීසියාව, මොරොක්කෝව, ලිබියාව, කටාරටය සහ තුර්කිය යන රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් වූහ.