වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (23) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.


මෙහිදි හෝටල් ක්ෂේත්‍රයේ දක්වන ලද දායකත්වය වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නිරත වන සිරිල් ගාර්ඩිනර් (Mr. Cyril Gardiner) සහ රත්න සිවරත්නම් (Mr. Ratna Sivaratnam) යන මහත්වරුන් වෙත අග්‍රාමාත්‍යතුමන් විසින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස්, ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත, එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති සර් ටිම් ක්ලාර්ක් (Mr. Sir Tim Clark) යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා හෝටල් සංගයේ සාමාජිකයන් රැසක් ද සහභාගි වී සිටියහ.