නීතිපති දෙපාර්තමේන්තුවේ 135 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 26 පස්වරුවේ කොළඹ, ෂැන්ග්‍රිලා හෝටලයේ දි පැවැත්විණි.


පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් වල දරුවන් පිරිසක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානයක්ද මෙම සංවත්සර උත්සවයට සමගාමිව සිදු විය.
උත්සවය සදහා ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමරු තිළිණයක් පිළිගැන්විම ද නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතින් සිදු විය.
මෙම අවස්ථාවට කතානායක කරු ජයසුරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂූවාන් (H.E. Chang Xueyuan), ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුන් මෙන්ම නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක්ද සහභාගිවී සිටියහ.

B37A2225

 

B37A2225

B37A2331