ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෲ ලිට්ල් (Hon. Andrew Little) මහතා ප්‍රමුඛ දූත පිරිස අද (04) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.


මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නවසීලන්ත අධිකරණ අමාත්‍යවරයාගේ දූත පිරිස නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ නවසීලන්ත මහකොමසාරිස් ජොආනා කෙම්ප්කර්ස් (HE Joanna Kempkers), අමාත්‍ය උපදේශක බෙන් ලෝන්ග්හස්ට් (Mr. Ben Longhurst), අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් කැරී ගේජ් (Mrs. Carrie Gage), යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

6I5A8662

6I5A8670