පොදු රාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී ඊයේ (04) දින ආරම්භ විය.


මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්, කථානායක කරූ ජයසූරිය, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයන්ති විජේතුංග, නීතිපති දප්පුල ද ලිවේරා, පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දරනු ලබන රටවල අධිකරණ අමාත්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

6I5A8803 1

6I5A8786