ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කොළඔ ව්‍යාපෘති කළමනාකරණ ආයතනය එක්ව සංවිධානය කළ ව්‍යාපෘති කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කළ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය අද (2019.11.07) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.


මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ‍ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන මහත්මිය, ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ උප සභාපති ශාන්ති ලාල් ප්‍රනාන්දු මහතා, ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ හිටපු සභාපති අනුර කූරගමගේ මහතා, ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ අලෙවි කළමනාකරු ධම්මික ‍මෙන්ඩිස් මහතා සහ පාඨමාලා දේශක ආචාර්ය ලෆ්රි මසාහිර් මහතා ද සහභාගි විය.