ශ්‍රී ලංකාවේ හත් වැනි විධයක ජනාධිපතිවරය ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අනුරාධපුර ඓතිහසික රුවන්වැලි සෑ රඳුන් අභියස දී සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.


ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා නොවැම්බර් (16) දින පැවැති ජනාධිපතිවරන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 6,924,255 එනම් සියයට 52.25 ක් ලබාගනිමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.
එහිදී ප්‍රතිවාදී අපේක්ෂක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඡන්ද 5,564,239 එනම් සියයට 41.99 ක් ලබාගත් අතර ඔහුට වඩා වැඩි ඡන්ද 1,360,020 ක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය.
ඒ අනුව දිස්ත්‍රික් 16 ක් හා බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ඒ මහතා මැතිවරණ දිස්ත්‍රික් 22 න් 17 ක තැපැල් ඡන්ද ජයග්‍රහණයද හිමිකර ගැනීමට සමත් විය.

07 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැති මැතිවරණය සඳහා ඡන්දදායකයන් 159,992,096 ලියාපදිංචි වී සිටී අතර ඉන් ඡන්දදායකයන් 13,387,951 ඡන්ද ප්‍රකාශ කර තිබිණි. එහිදී ඡන්ද 135,452 ක් ප්‍රතික්ෂේප වූ අතර සමස්ත ඡන්ද භාවිතය ප්‍රතිශතයක් ලෙස සියයට 83.72 කි.