වකුගඩු රෝගයෙන් පීඩාවිදින අහිංසක ජනතාව වෙනුවෙන් ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට කැපවන්න – ජනපතිගෙන් උපදෙස්


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ධූර කාලය තුළ ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතියක් වන පොළොන්නරුව චීන – ශ්‍රි ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් කටයුතු අද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්විය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාල 2015 මාර්තු මාසයේ චීනයේ සිදුකරන ලද නිල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පින් මැතිතුමා සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම වකුගඩු රෝහල ශ්‍රී ලංකාවට හිමිවිය.
මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩාවිදින දිස්ත්‍රික්ක රැසක ජනතාවට තිබූ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සුපරාලමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස පොළොන්නරුව මහ රෝහලට නුදුරුව මෙම රෝහල කඩිනමින් ඉදිවෙමින් පවතී.
අදාළ ඉදිකිරීම්වලින් 70% ක් පමණ මේ වන විට නිමවී තිබෙන අතරල 2020 ජූලි 30 වන විට සියලූ කටයුතු සාර්ථකව නිමකර රෝහල ජනතා අයිතියට පවරාදීමට හැකියාව තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි.
ඇඳන් 204 ක්ල රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100ක්ල වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් සමන්විත වන මෙම රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12කි.
අද පෙරවරුවේ එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලූ අතර අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ රෝහලේ ඉදිකිරීම් කඩිනම් කර වගුකඩු රෝගයෙන් පීඩාවිදින දිවයින පුරා අහිංසක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙසයි.
චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජාතියට දායාද කිරීමට පුරෝගාමී වෙමින් සහ එහි ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍ය නිරන්තර මගපෙන්වීම සිදුකරමින් ඒ වෙනුවෙන් දැක්වූ පූර්ණ අනුග්‍රහය සිහිගන්වමින් ජනාධිපතිතුමා වෙත විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීම මෙම අවස්ථාවේදී සිදු විය.
පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.